Tuesday 12 September 2017

නිකරාගමිස්



දවසක් නිරාගමිකයෙක් ඇවිත් ටෝක් දෙනවා නිරාගමිකයා ප්‍රකාශ කරනුයේ ඔවුනට යහපත්ව ඒ කියන්නේ මොරාල් එකට ජීවත් වීමට ආගමක් අවශ්‍ය නැති බව. හා කියලා මම කිවුවා. ඒත් ඉවර නෑ නිරාගමිකයා ආගමිකයාට වඩා යහපත් කියලා කියනවා, ඇත්තටම යහපත් අය ඉන්නේ නිරාගමිකත්වයේ යැයි ද කියලා කියනවා. ඉතිං මට මොන පුකද? කියලා මම ඇහුවා. එහෙම ඇහුවේ ඒ ඇහුවමවත් කට පුක වහගෙන ඉදි කියලා හිතාගෙන, කොහේ ඔහේ නෑ තව කියවනවා. 

බැරිම තැන මුගේ කට වහන්න ඕනි කියලා මට හිතුනා මොකට වත් නෙවෙයි කණක් ඇහිලා ඉන්න ඕනි නිසා. ඉතිං මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. කියනවා බලන්න මොනවද තමුසෙගේ මොරාල් ?

දුප්පත් අයට/ හිගන්නන්ට කන්න බොන්න දෙන එක උදවු උපකාර කරන එක
ඒ කියන්නේ දානය
බොරු කියන්නේ නැති වීම
හරි හරි ඒ කියන්නේ මුසාවාදය
විවාහක නම් අවංක වීම
කාමේසු මිච්ඡාචාරා, තව මොනාද?
නීතියට අනුගතවීම, ඔයවගේ බයිලා ගොඩක් විස්තර සහිතව ඉදිරිපත් කලා. ඉතිං අහං ඉදලා මම කිවුවා මේ හලෝ දැන් තමුසේ ආගමක් ඕනි නෑ කියලා දෙසුවට තමුසේ ඔය කරන්නේ ආගම් වල තියෙන දේවල් නිරාගමික ලේබලේ ගහලා දෙන එකනේ? අපේ පොතේ හැටියට තමුසේ හොරෙක්. එතකොට මූ කියපි

නැ නැ මම කියපු දේවල් ගැන හිතලා බලන්න ඒවා හොද යහපත් දේවල් ඒවා පිලිපදින්න ආගමක් ඕනි නෑ. අපි නිරාගමිකයෝ කොන්දක් තියෙන නිසයි මෙහෙම කියන්නේ යහපත් වෙන්න ආගමක් ඕනි නෑ. කොන්දක් නැති අයට නම් ඉතිං මම දන්නේ නෑ .......
එතකොට මම ඇහුවා හා දැන් කියමු බලන්න තමුසේ මොන පදනමින්ද ඔය දේවල් හොදයි කියන්නේ කියලා?

ඕක අහන්න දෙයක්ද මට වෙනවට අකමැති දේවල් තමයි මේ මේව ගේ දෙයක් කාටත් වෙනවට අකමැති.

හා ඒ කියන්නේ බුද්ධාගමේ තියෙන විදියට අත්තානං උපමංකත්වා කියන් එක නේද? හොරා.... හරි මමත් දැන් දෙයක් අහන්නම් කෝ දැන් මධ්‍යකාලියේ යුරෙෂියාවේ තිබුනු සම්ප්‍රධායක් තමයි කපල් එකක් බැන්දම තව එකෙක් ඇවිත් ගැනීව උස්සං යන එක. බැදපු එකාට පුළුවන් නම් ඒකිව රැකගන්නවා බැරි උනොත් උස්සං ගිය එකා එක්ක තමයි ඉන්න වෙන්නේ. ඒක බොහොම හොද යහපත් දෙයක් ඔවුන්ට අනුව. ඒ වගේ ස්ලාමයේ සදහන් වෙන ස්ලාම් නොවන අයට බොරු කීවුවම පවක් වෙන්නේ නැ කියන එක (අල්-ටකීයා) ඔවුන්ට අනුව ඉතාමත් යහපත් හොද දෙයක්. ඔයා ඔය බයිලා කිවුවට ඔබ ආරාබියේ නිරාගමිකයෙක් උනොක් කියයි ඉදලා හිටලා බොරු කීම අවුලක් නෑ කියලා. කරුමෙට මේ පැත්තේ නිරාගමිකයෙක් උන නිසා ඒක හොද නැ කියනවා.

යහපත කියන දේ සාපේක්ෂයි හලෝ ඒක කණ්ඩායමකට හොද වෙන දේ තවත් කණ්ඩායමකට නරක වෙනවා ඉතිං කොහොමද හොද නරක තෝරන්නේ ? එක කණ්ඩායමකට දෙවියන් වෙනුවෙන් මරන එක යහපත් උනාට තවත් කණ්ඩායමකට එහෙම නෑ එතකොට මොකක්ද යහපත් දෙය වෙන්නේ? අර මරන්න හොද කණ්ඩායමේ නිරාගමිකයෙක් ගෙන් ඇහුවොත් මැරුවට අවුලක් නෑ කියයි.

කොහොම හරි මිනිහා  මම ඒ ගැන කල්පනා කරලා උත්තරයක් දෙන්නම් කිවුවා මීට අවුරුදු තුනකට කලින්. කරුමෙට මට ඌ ආයි හම්බ නේ නෑ.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...