Friday 22 September 2017

වි.සී. ලොක්කට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය,



මේ දවස්  වල නැගලා දුවන මාතෘකාවක් තමයි සයිටම් කියන්නේ. රටේ පැවැත්වෙන වැඩවර්ජන වලින් හතරෙන් තුනකටම හේතුව ඕක තමයි. කොහොම හරි මම දැන් ටික දවසකට කලින් ටි.වි. නිවුස්වල දැක්කා සයිටම් විරෝධින් කතරගම දෙයියන්ට හා තවත් දෙවිවරු කිහිප දෙනෙකුට කන්නලව් කරනවා, පොල්ගහනවා සයිටම් වහන්න කියලා. (මාරයි කියන්න පුළුවන්) මොකද විද්‍යාව හා තාක්ෂණය දියුණු මේ ලෝකේ මේ වගේ ගොන් වැඩක් කරන එක? 

පවු කියලත් හිතෙනවා, මොකද ඇත්තටම මට හිතෙනවා මේ සයිටම් විරෝධින් උපවාස කලා, උද්ඝෝෂණ කලා, පොස්ටර් ගැහැවා, අත්පත්‍රිකා බෙදුවා මේක වහන්න නොකරපු දෙයක් නෑ. කොරලා කොරලා බැරිම තැන අන්තිමේදි දෙයියන්ටවත් කියලා සහනයක් ගන්න බැළුවා වෙන්න ඇති. ඇතැම් විට තමාට ඇති මානසික පීඩනය පොල් ගහලාවත් අඩු කරගන්න බලන්න ඇති.  

ප.ලි.


පොල් ගහලා දවස් දෙකකින් වගේ ආයි දැක්කා සයිටම් එකට අළුතෙන් සිසුන් බදවා ගැනීම නවත්තලා කියලා.

No comments:

Post a Comment

මුට්ටි අල්ලන්නැතුව ගොඩයන හැටි

ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...