Tuesday, 17 October 2017
Friday, 6 October 2017
Go go life
Let me ask a question from you - what is success of
your life? Many of peoples will answer having a lot of money, respect etc… but
what if I say to you all of us are successful?
Did you believe it? You're answer will be probably not. Then give me
your time to answer it.
01. Finishing
your education - It is the most important thing in modern world. There is no
low if you want to success in education you must possess a university degree.
It is your limit and that is it. It can be degree, diploma, NVQ certificate or
anything you want to.
02. Do not
getting married before finishing your education. It is no need to be explaining
think how many girls are runaway from their home with her boyfriend? How many
child mothers do we have? And most of our boys are more active in finding lover
in school rather than they grades.
Now you may think next is will be finding a job. But finding
a job is an easy part, you can choose white choler job or blue choler job.
03. Stay in your
job and become a professional in your job. Quitting from your is easy you
always can find a new job but staying in your job and become a professional in
your job required time and dedication. And you cannot do it in over night or
your parents can not buy it for you.
This is the three rules of success if you have this qualities
you are successful. So tell me how match successful you are? Yes, as I predicted
you are 100% successful. And I will give you a bonus, if you are earn money to
live your life style (whatever it is) you are consider as a rich man, you do
not see that come isn’t it? Yes but it is it you don’t need six figure of
digits for that.
Monday, 2 October 2017
කරදර
මේ පාර ඡන්දෙට ඉල්ලන්න බැරිඅය නා නා ආකාරයෙන් අඩනවා. ඒ අතර තවත් රැස්වීම් උද්ඝොෂණ, වැඩවර්ජන අම්බානක් තියෙනවා, මොකද කරන්නේ කියලා හිතාගන්න බෑ අප්පා.
Friday, 22 September 2017
වි.සී. ලොක්කට එන්න කියාපිය, මේවට උත්තර දෙන්න කියාපිය,
මේ දවස්
වල නැගලා දුවන මාතෘකාවක් තමයි සයිටම් කියන්නේ. රටේ පැවැත්වෙන වැඩවර්ජන
වලින් හතරෙන් තුනකටම හේතුව ඕක තමයි. කොහොම හරි මම දැන් ටික දවසකට කලින් ටි.වි.
නිවුස්වල දැක්කා සයිටම් විරෝධින් කතරගම දෙයියන්ට හා තවත් දෙවිවරු කිහිප දෙනෙකුට
කන්නලව් කරනවා, පොල්ගහනවා සයිටම් වහන්න කියලා. (මාරයි කියන්න පුළුවන්) මොකද විද්‍යාව
හා තාක්ෂණය දියුණු මේ ලෝකේ මේ වගේ ගොන් වැඩක් කරන එක?
පවු කියලත් හිතෙනවා, මොකද ඇත්තටම මට හිතෙනවා
මේ සයිටම් විරෝධින් උපවාස කලා, උද්ඝෝෂණ කලා, පොස්ටර් ගැහැවා, අත්පත්‍රිකා බෙදුවා
මේක වහන්න නොකරපු දෙයක් නෑ. කොරලා කොරලා බැරිම තැන අන්තිමේදි දෙයියන්ටවත් කියලා
සහනයක් ගන්න බැළුවා වෙන්න ඇති. ඇතැම් විට තමාට ඇති මානසික පීඩනය පොල් ගහලාවත් අඩු
කරගන්න බලන්න ඇති.
ප.ලි.
පොල් ගහලා දවස් දෙකකින් වගේ ආයි දැක්කා සයිටම්
එකට අළුතෙන් සිසුන් බදවා ගැනීම නවත්තලා කියලා.
Tuesday, 12 September 2017
කෝටිපති
ඔබට අවශ්‍ය දේ කිරීමට හා ඔබට අවශ්‍ය වන
ආකාරයේ ජීවන රටාව ගත කිරීමට හැකි වන පරිදි ඔබ මුදල් උපයනවා නම් ඔබ ධනවතෙක්. ඔබට ඒක
කරන්න ලක්ෂපතියෙක් වෙන්නම ඕනි නෑ නේද? ටිකක් හිතන්න.
නිකරාගමිස්
දවසක්
නිරාගමිකයෙක් ඇවිත් ටෝක් දෙනවා නිරාගමිකයා ප්‍රකාශ කරනුයේ ඔවුනට යහපත්ව ඒ කියන්නේ
මොරාල් එකට ජීවත් වීමට ආගමක් අවශ්‍ය නැති බව. හා කියලා මම කිවුවා. ඒත් ඉවර නෑ
නිරාගමිකයා ආගමිකයාට වඩා යහපත් කියලා කියනවා, ඇත්තටම යහපත් අය ඉන්නේ නිරාගමිකත්වයේ
යැයි ද කියලා කියනවා. ඉතිං මට මොන පුකද? කියලා මම ඇහුවා. එහෙම ඇහුවේ ඒ ඇහුවමවත් කට
පුක වහගෙන ඉදි කියලා හිතාගෙන, කොහේ ඔහේ නෑ තව කියවනවා.
බැරිම තැන
මුගේ කට වහන්න ඕනි කියලා මට හිතුනා මොකට වත් නෙවෙයි කණක් ඇහිලා ඉන්න ඕනි නිසා. ඉතිං
මම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. කියනවා බලන්න මොනවද තමුසෙගේ මොරාල් ?
දුප්පත් අයට/
හිගන්නන්ට කන්න බොන්න දෙන එක උදවු උපකාර කරන එක
ඒ කියන්නේ
දානය
බොරු කියන්නේ
නැති වීම
හරි හරි ඒ
කියන්නේ මුසාවාදය
විවාහක නම්
අවංක වීම
කාමේසු
මිච්ඡාචාරා, තව මොනාද?
නීතියට
අනුගතවීම, ඔයවගේ බයිලා ගොඩක් විස්තර සහිතව ඉදිරිපත් කලා. ඉතිං අහං ඉදලා මම කිවුවා
මේ හලෝ දැන් තමුසේ ආගමක් ඕනි නෑ කියලා දෙසුවට තමුසේ ඔය කරන්නේ ආගම් වල තියෙන දේවල්
නිරාගමික ලේබලේ ගහලා දෙන එකනේ? අපේ පොතේ හැටියට තමුසේ හොරෙක්. එතකොට මූ කියපි
නැ නැ මම
කියපු දේවල් ගැන හිතලා බලන්න ඒවා හොද යහපත් දේවල් ඒවා පිලිපදින්න ආගමක් ඕනි නෑ.
අපි නිරාගමිකයෝ කොන්දක් තියෙන නිසයි මෙහෙම කියන්නේ යහපත් වෙන්න ආගමක් ඕනි නෑ.
කොන්දක් නැති අයට නම් ඉතිං මම දන්නේ නෑ .......
එතකොට මම
ඇහුවා හා දැන් කියමු බලන්න තමුසේ මොන පදනමින්ද ඔය දේවල් හොදයි කියන්නේ කියලා?
ඕක අහන්න
දෙයක්ද මට වෙනවට අකමැති දේවල් තමයි මේ මේව ගේ දෙයක් කාටත් වෙනවට අකමැති.
හා ඒ කියන්නේ
බුද්ධාගමේ තියෙන විදියට අත්තානං උපමංකත්වා කියන් එක නේද? හොරා.... හරි මමත් දැන්
දෙයක් අහන්නම් කෝ දැන් මධ්‍යකාලියේ යුරෙෂියාවේ තිබුනු සම්ප්‍රධායක් තමයි කපල් එකක්
බැන්දම තව එකෙක් ඇවිත් ගැනීව උස්සං යන එක. බැදපු එකාට පුළුවන් නම් ඒකිව රැකගන්නවා
බැරි උනොත් උස්සං ගිය එකා එක්ක තමයි ඉන්න වෙන්නේ. ඒක බොහොම හොද යහපත් දෙයක් ඔවුන්ට
අනුව. ඒ වගේ ස්ලාමයේ සදහන් වෙන ස්ලාම් නොවන අයට බොරු කීවුවම පවක් වෙන්නේ නැ කියන
එක (අල්-ටකීයා) ඔවුන්ට අනුව ඉතාමත් යහපත් හොද දෙයක්. ඔයා ඔය බයිලා කිවුවට ඔබ
ආරාබියේ නිරාගමිකයෙක් උනොක් කියයි ඉදලා හිටලා බොරු කීම අවුලක් නෑ කියලා. කරුමෙට මේ
පැත්තේ නිරාගමිකයෙක් උන නිසා ඒක හොද නැ කියනවා.
යහපත කියන දේ
සාපේක්ෂයි හලෝ ඒක කණ්ඩායමකට හොද වෙන දේ තවත් කණ්ඩායමකට නරක වෙනවා ඉතිං කොහොමද හොද
නරක තෝරන්නේ ? එක කණ්ඩායමකට දෙවියන් වෙනුවෙන් මරන එක යහපත් උනාට තවත් කණ්ඩායමකට
එහෙම නෑ එතකොට මොකක්ද යහපත් දෙය වෙන්නේ? අර මරන්න හොද කණ්ඩායමේ නිරාගමිකයෙක් ගෙන්
ඇහුවොත් මැරුවට අවුලක් නෑ කියයි.
කොහොම හරි
මිනිහා මම ඒ ගැන කල්පනා කරලා උත්තරයක්
දෙන්නම් කිවුවා මීට අවුරුදු තුනකට කලින්. කරුමෙට මට ඌ ආයි හම්බ නේ නෑ.
Thursday, 31 August 2017
ලොක්කාගෙන් ඇප්රුවල් ලැබුනා බං
බදවා ගැනීම් වලට දවස් දෙකක් ඉන්ටර්වීව් තිබුනා මේ දවස් දෙකටම ගොඩක් අය ඉදිරිපත් වුනා බහුතරයක් කෙල්ලෝ දවස් දෙකටම කොල්ලෝ ආවේ හතරයි අතේ ඇගිලි ගානටත් අඩුයි. ඉතිං හැත්තෑවක් කෙල්ලෝ ඉන්ටර්වීව් එනකොට කොල්ලෝ හතරක් ආවම ආයතනයට දෙයියන්ගේ පිහිටයි. කියලා වැඩක් නෑ. කොහොම හරි මේ ආපු කොල්ලොන්ගෙත් සහතිකේකට කියලා තිබුනේ සා/පෙල, උ/පෙල, උප්පැන්නේ, චරිතසහතික දෙකයි, ග්‍රාමසේවක සහතිකයයි. හැබැයි ආපු කෙල්ලෝ ඔක්කොටම අඩුම තරමේ සහතික පහලවක් වත් තිබුනා (ඔවු අඩුම පහලවක්).
මම ජී.එම්. ගෙන් ඇහුවා කොහොමද කට්ටිය ගන්න සුදුසුකම් මට්ටම කියලා. ජීඑම් කියපි අප්පා මේක කරන්න බෑ බං සුදුසුකම් තියෙනවා අහසටත් උඩින්, මම ඇහුවා ජී.එම් ගෙන් කොල්ලෝ හතර දෙනා කොහොමද කියලා ගත්ත කටටම ජී.එම්. කියාපි උන්ට තියෙනවා ඇ* දෙක කියලා.
කොහොම හරි අපේ පියනුත් මෙතන හිටියා පියන් කිවා මේකන් මල්ලි කෙල්ලො මොනා කරන්නද? කොල්ලෝ වගේ අඩියක් ගහන්නද? බඩුවක් ගහන්නද? වලියක් දාගන්නද? උන්ට ඉතිං ඔච්චර තමයි.
ඒකනම් එහෙම තමයි අප්පා කියලා ජී.එම් මුත් ඒ කථාව අනුමත කලා.
අපේ හරක්
අපේ පැත්තේ වෙච්ච වැඩක් අපේ ගමේ හිටියා හරක් ඇති කරපු කිරිගොවි පවුලක්, කොහොම කොහොම හරි හරක් ටික වයසට ගියාට පස්සේ මේ ගොල්ලෝ කලේ තම්බි දෙන්නේකුට කථා කරකලා හරක් දෙන්නව රුපියල් හැට දහසකට විකුණුවා.
මේ තම්බිලාත් එක්ක ආවා කොල්ලෙක් උෟ ඇවිත් ගේ දිහා බලනවා වත්ත දිහා බලනවා ඉවරයක් නෑ. කොහොම හරි ගෙදර ගෑණු මනුස්සයාට ටිකක් කැහිල්ල ගහලා මූ ගෙන් ඇහුවා ඇයි කියලා. කොමොහ හරි මේ කොල්ලා කිවුවා ගේ දොර දියුණුවක් නැත්තේ කවුරුහරි හූනියමක් කරල මම ගුරුන්නාස්සේ කෙනෙක් ගේ ගෝලයෙක් විදියට වැඩ කරලා තියෙනවා හුණියම කපන්න පුළුවන් කියලා කථා කලා. මේ ගෑනිත් ඉතිං හා කියලා ඊට පහුවෙනිදාම ගුරාව ගෙන්නලා පේන බලලා, ඉරි ඇදලා කොහොම හරි එදා විසි දහක් වියදම් කරවලා. ඊටපස්සේ කියලා ගුරුකම කපන්න පුළුවන් තිස්පන්දහසක් ඕනි කියලා.
කොහොම හරි මේ ගැණිගේ බල කිරීමට ගුරුකම කැපුවා, කැපුවේ අඩි හතරයි පහේ වලක් කපලා ගෙදර අයට හොදට නිදාගන්න කියලා කොහොම හරි උදේට ගුරයි ගෝලයයි තිස්පන්දාහ අරගෙන යන්න ගියා. අන්තිමේදි ගත්ත හැටදාහෙන් සත පහක් වත් ඉතිරි නෑ.
අපේ හරක් පවු නේද?
Subscribe to:
Posts (Atom)
නිදහසේ දැහැන - එස්. මහින්ද හිමි
මොනකරුමයද තවඇහැරුණු බවක් නැහැ පැන පැන බියව මුළු වැදුමෙන් පලක් නැහැ දිණුමත් පැරදුමත් කෝකත් කමක් නැහැ එනු ඉදිරියට නැතහොත් නිදහසක් නැහැ...
-
ඔබේ අයිතිය මගේ වගකීමය එය ගැන කතා කිරීම ඉතා හොදය, නමුත් ඔබ කවදාද ඔබේ වගකීම් ගැන කතා කිරීමට පටන් ගන්නේ ? මන්ද යත් ඔබේ වගකිම කාගේ හෝ අයිතියක...
-
ඔබේ වෘත්තීය ජීවිතය ඉහළ නැංවීමට උපදෙස් 5ක් ඔබේ වෘත්තිය ඉදිරියට ගෙන යාමට සහ ඔබේ වෘත්තීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට ඔබට අවශ්‍යද? එසේ නම්, ඔබ රැක...